ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර තිබේ.
මේ බව එම අධිකාරියේ සභාපති ජේ.කේ.ඒ සිරිනාත මහතා විසින් ලිඛිතව දැනුම්දී ඇති බව සඳහන්ය.
වැටුප් සහිත අනිවාර්ය නිවාඩු පනවා ඇති කාලය තුළ එම අධිකාරියේ කාර්යාලයකට හෝ වැඩබිමකට ඇතුල්වීම තහනම් වන අතර සභාපතිවරයාගේ අවසරකින් තොරව විදේශගත නොවිය යුතු බවත් එම ලිපියේ සඳහන් වේ.
සාමාන්‍යධිකාරිවරයා විසින් ආයතන සංග්‍රහයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විනය මාලාව කඩකරමින් බරපතළ විෂමාචාර කීපයක් මූලික වශයෙන් හෙළිවීම මෙම තීරණයට හේතුව වන බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.
ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා ඔප්පු වූවහොත් රටේ පවතින නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජේ.කේ.ඒ සිරිනාත මහතා ප්‍රකාශ කළේය.