දිස්ත්‍රික්ක 7ක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උණුසුම් කාලගුණය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.

එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු වට්ටමක පැවතිය හැකියි.

අද (17) සවස 4ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට දිනය සඳහා වලංගු වෙයි.