දෙහිවල, කඩවත පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහා කිරීමේ සිදුවීමට අදාළව එහි වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23ක් වන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දෙහිවල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.