ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් කිරීමට අවස්ථාව දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාරගෙන් මීට දෙසතියකට ඉහතදී ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීමට අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සාකච්ඡාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය අරුණට පැවසීය.