ණයවර ලිපි හරහා ආනයනය කළ නමුත් අවසන් රේගු නිෂ්කාශනය ලබාදීම ප්‍රතික්ෂේප කළ වාහන සම්බන්ධයෙන් විසඳුමක් යෝජනා කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ කමිටුවක් පත්කර තිබේ.
අප කළ විමසීමකදී රේගු මාධ්‍ය රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා මේ බව තහවුරු කළේය.
අදාළ වාහන ආනයනය සම්බන්ධයෙන් පවතින ගැටලු සලකා බලා, ඒ සඳහා සුදුසු සමථයකට එළඹීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යය වේ.