කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කළ බෝට්ටුවක් පුද්ගලයින් 8 දෙනෙකු සමඟ අතුරුදන්ව තිබේ.

කුරිකට්ටුවාන් ජැටියේ සිට මෙම බෝට්ටුව ගමන් ආරම්භ කර ඇති අතර අද (16) සවස අනතුරට ලක්ව ඇති බව පැවසේ.

බෝට්ටුවේ ගමන්ගත් අට දෙනාගෙන් දෙදෙනෙකු ඔපරේටර්වරු වන බව සඳහන් වේ.

මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ එම මුහුදු ප්‍රදේශ ඉතා රථ ස්වභාවයක් ගන්නා නමුත් අතුරුදන් වූ පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව නාවික හමුදාව පවසයි.